ලංකා IOC සමාගමට ජනතාව හූරාකන්න ඉඩදෙන්න එපා! ඛනිජ තෙල් අත්‍යවශ්‍ය සේවාවක් කරන්න!

May 19, 2020 at 9:41 pm | by emanisa.lk

ඉන්දීය තෙල් සමාගම ලංකාවට පැමිණෙන්නේ ආරාධනාවක් අනුව බවත් තමන් පැමිණීමේ අරමුණ ලාභ නොව ලංකාවේ තෙල් සම්පත දියුණු කිරීම බවත් සඳහන් කළේ යැයි ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති කුසුම් සන්දනායක පවසයි.

එහෙත් මේ වන විට පාරිභෝගික ජනතාව පීඩනයට පත්කරමින් සිතූ සිතූ ආකාරයට මිල වැඩි කිරීමට පටන්ගෙන ඇතැයි හෙතෙම චෝදනා කරයි.

ඔහු පවසන්නේ ඛනිජ තෙල් ද වහාම අත්‍යවශ්‍ය සේවා යටතට පත්කළ යුතු බවත් එවිට එම සමාගමට හිතුමතේ මිල ඉහළ නැංවිය නොහැකි බවත්ය.

දෙරණ රූපවාහිනී වැඩසටහනකට එකතු වෙමින් හෙතෙම මෙසේ පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස