ලංකා හොස්පිටල් තවත් විහිළුවක් වෙයි! රාජිත ජාතික ඇඳුමින් ඔරලෝසුවක් පැළඳ දැඩි සත්කාර ඒකකයේ!

January 2, 2020 at 2:19 pm | by emanisa.lk

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ජාතික ඇඳුමින් සැරසී ඔරලෝසුවක් බැඳ ප්‍රතිකාර ලැබීම බොහෝ දෙනාගේ විමතියට හේතු වී තිබේ.

මන්ත්‍රීවරයා රෝහලේ ප්‍රතිකාර ලබන ආකාරය පිළිබඳ මාධ්‍ය වෙත නිකුත් කළ ඡායාරූපවල ඔහු දැඩි සත්කාර ඒකකයක රෝගියකු අඳින විශේෂ ඇඳුමින් සැරසී සිටින ආකාරයක් දැකි නොහැකිය.

එසේම දැඩි සත්කාර ඒකකයේ ඔරලෝසු වැනි පළඳනා පැළඳීමට අවස්ථාවක් ලැබෙන්නේ ද නැත. මේ වන විටත් රාජිත සේනාරත්න බන්ධනාගාර රෝහලට හෝ රජයේ රෝහලට ඇතුළත් නොකර නීති විරෝධී ලෙස පෞද්ගලික රෝහලකට ඇතුළු කිරීම ද අවධානයට ලක්ව ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස