ලංකා හොස්පිටලස් සභාපතිත් ඉල්ලා අස්වෙයි….!

June 7, 2025 at 10:31 am | by emanisa.lk

ලංකා හොස්පිටලස් කෝපරේෂන් පීඑල්සී සභාපති වෛද්‍ය නිලුපුල් පෙරේරා වහාම සිය ධුරයෙන් හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බව වාර්තා වෙයි.

ඔහු මේ මස 05 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ලංකා හොස්පිටලස් කෝපරේෂන් පීඑල්සීහි තනතුරුවලින් ඉල්ලා අස්වන බව දැනුම් දී ඇත.

ඒ අනුව 2024 දෙසැම්බර් 05 දින අදාළ තනතුරේ වැඩභාර ගන්නා වෛද්‍ය නිලුපුල් පෙරේරා මහතා මාස 06ක කාලයක් ගෙවෙන තැන ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.

පසුගිය මාස කිහිපය තුළ ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් විවිධ ආයතන සඳහා පත්කළ විශාලප පිරිසක් මේ ආකාරයට ම ඉල්ලා අස්විය. පැල්වත්ත සීනි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී නුවන් ධර්මරත්න ඉල්ලා අස්වූයේ පසුගිය සතියේය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *