ලංකා රෝහලේ බෝම්බය ඇටවූ පුද්ගලයා අත්අඩංගුවට…! බෝම්බ තැබූ හේතුවත් වමාරයි…!

September 15, 2021 at 7:21 pm | by emanisa.lk

නාරාහේන්පිට පෞද්ගලික රෝහලට අත් බෝම්බයක් ගෙන ආ බව කියන පුද්ගලයා අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

ඉදිකිරීම් සමාගමක සේවකයකු බව කියන සැකකරු තිරිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහු මෙම රෝහලේ ඉදිකිරීම් කටයුතුවලට පැමිණ දින 12ක් පමණ වන බව ද පොලිසිය කියයි.

රෝහලේ බෝම්බය තබා ඒ පිළිබඳ ඔත්තුව ලබා දී රෝහලින් තෑගි මුදලක් ලබා ගැනීමේ අරමුණින් මෙම ක්‍රියාව සිදුකර ඇතැයි සැකකරු අනාවරණය කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *