ලංකා මුස්ලිම් සන්නද්ධ අරගලයකට සහාය දෙන්න මම සූදානම්! – බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි (video)

May 1, 2019 at 2:56 pm | by admin

ලංකාවේ මුස්ලිම් ජනතාවට ආයුධ සන්නද්ධ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට කාලය පැමිණ ඇති බවත් ඒ සඳහා සහාය ලබා දීමට තමන් සූදානම් බවත් 2013 වසරේ දී අසාද් සාලි ඉන්දීය මාධ්‍ය වෙත පැවසූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි. මෙහි ප්‍රතිඵලය ලෙස අසාද් සාලි අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව ද හෙතෙම පවසයි.

එසේම සංචාරක වීසා මත මෙරටට පැමිණ මද්රාසා පාසල්වල අන්තවාදය වැපිරූ මුස්ලිම් ජාතිකයන් 161 දෙනෙකු වීසා අවලංගු කර රටින් පිටුවහල් කිරීමට 2011 වසරේදී ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කළ බවත් ඒ පිළිබඳ අසාද් සාලි උරණ වූ ආරක්ෂක ලේකම්වරයා සමග වෛර බැඳගත් බවත් ඔහු පෙන්වා දෙයි.

ලංකාවේ මුස්ලිම් සන්නද්ධ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ඇරයුම් කළ එහෙයින් ලංකාවේ ඉස්ලාම් ත්‍රස්තවාදයේ පියා වන අසාද් සාලි නම් ත්‍රස්තවාදියා අද බස්නාහිර පළාතේ ආණ්ඩුකාරයාය. බස්නාහිර යනු ඉස්ලාම් ත්‍රස්තවාදීන් විසින් වැඩිම බෝම්බ ප්‍රමාණයක් පිපිර වූ ප්‍රදේශයයි. එහි පළමු පුරවැසියා ත්‍රස්තවාදියකු නම් ත්‍රස්තවාදය පරාජය කිරීම විහිළුවක් බවත් වහාම ඔහු එම තනතුරින් ඉවත් කර අත්අඩංගුවට ගෙන ආණ්ඩුව සිය අවංකභාවය පෙන්වා දිය යුතු යැයි ගම්මන්පිල මහතා වැඩි දුරටත් පැවසීය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස