ලංකා බැංකුව ආණ්ඩුවේ ගජයෙකුට සිගරට් ගන්න රු. බිලියන 3ක් දීලා…! – අනුර

January 20, 2021 at 7:33 am | by emanisa.lk

ලංකා බැංකුව විසින් රුපියල් බිලියන තුනක ඉක්මවූ ණය මුදලක් ආණ්ඩුවේ ප‍්‍රබල හිතවත් ව්‍යාපාරිකයෙකුගේ සමාගමකට ලබාදී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක චෝදනා කරයි.

මෙම සමාගමට එතරම් මුදල් ප‍්‍රමාණයක් ලබා දීමට හේතුව ලෙස දන්වා ඇත්තේ අයවැයෙන් දුම්වැටි මිල ඉහළ යාමට නියමිත නිසා දුම්වැටි තොග රැස් කිරීම සඳහා යයි දන්වා ඇතැයි ද මන්ත‍්‍රීවරයා පැවසීය.

මෙම ණය මුදල අනුමත කර ඇතත් ලංකා බැංකුවේ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ එක් අධක්‍ෂවරයෙක් පමණක් ඊට විරෝධය පල කර ඇතැයිද මන්ත‍්‍රීවරයා කියා සිටියේය.

ඔහු මෙම අදහස් පල කළේ පාර්ලිමේන්තුවේදීය

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස