ලංකා තානාපති කීවේ බොරු! අපි PCR පරීක්ෂණ කළේ නෑ! – කුවෙට් රජය

May 31, 2020 at 3:10 pm | by emanisa.lk

කුවේට් රාජ්‍යයෙන් ඉකුත්දා මෙරටට ගෙන්වා ගත් ලාංකිකයින් 466 දෙනා එරටින් පිටත්ව යාමට පෙර,පීසීආර් පරීක්ෂණ සිදු කරන ලෙස  එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කළද එය කළ නොහැකි බවට එම අමාත්‍යාංශය  කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට දැනුම් දී තිබුනේ යැයි විදේශ සබඳතා අමාත්‍යාංශය කියා සිටී.

ඉකුත් මැයි 11 සහ 14 යන දිනැති රාජ්‍ය තාන්ත්‍රික සටහන් මගින්, නැවත මෙරටට ගෙන්වා ගන්නා පුද්ගලයින් සඳහා පීසීආර් පරීක්ෂණ සිදු කරන ලෙස ශ්‍රී ලංකා තානාපති කාර්ට විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇතැත් , එය  සිදු කළ නොහැකි බවත්, කොවිඩ් වෛරස රෝග ලක්ෂණ සහිත කිසිදු මගියෙකුට ගුවන් යානයට ඇතුළුවීමට අවස්ථාව ලබා නොදෙන බවත් කුවේට් විදේශ අමාත්‍යාංශය එම රාජ්‍යතාන්ත්‍රික සටහන් වලට පිලිතුරු ලෙසික් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත එහිදී දන්වා ඇතැයි එම අමාත්‍යාංශය කියා සිටී.

කුවේට්  රාජ්‍යයෙන් පිටත්ව යන, වෙනත් රටවලින් පැමිණි කිසිවෙකු සඳහා පීසීආර් පරීක්ෂණ සිදු කර නොමැති බවද එහිදී ප්‍රකාශ කර තිබුනේ යැයිද විදේශ සබඳතා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එලෙස කුවේටයෙන් පැමිණි 466 දෙනාගෙන් 379 දෙනෙකු එරට පොදු සමා කාලයෙහි ප්‍රතිලාභ ලබා අප්‍රේල් 21 – 25 දක්වා කාලය තුළ කඳවුරුවල සිටි සහ නැවත මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂාවෙන් සිටි තැනැත්තන් බවද එම අමාත්‍යාංශය කියා සිටී.

ඉන් 87 දෙනෙක් කුවේට් රාජ්‍යයෙහි රැඳවුම් මධ්‍යස්ථාන සහ බන්ධනාගාරවල සිටි තැනැත්තන් වන බවත් ඔවුන් මැයි 19 වන දින ‘කුවේට් එයාර්වේස්’ට අයත් ගුවන් යානා දෙකකින් දිවයිනට පැමිණි බවද අමාත්‍යාංශය වැඩිදුරටත් පෙන්වා දේ

කොවිඩ් කාර්ය සාධක බලකායේ ඉල්ලීම පරිදි, මැදපෙරදිග සහ නැවත ගෙන්වා ගැනීමේ ගුවන් ගමන් සැලසුම් කර ඇති අනෙකුත් අගනගරයන්හි කාර්යාල සම්බන්ධ කර ගනිමින් ගුවන් ගමන් ආරම්භයට පෙර පීසීආර් (PCR)  පරීක්ෂණ සිදු කිරීමේ හැකියාව සම්බන්ධයෙන් ද විදේශ සබඳතා අමාත්‍යාංශය කරුණු විමසා බලා තිබෙන නමුත් මේ වන විට එම බොහෝ ස්ථානවල පවතින සීමිත පහසුකම් හේතුවෙන් පීසීආර් (PCR) පරීක්ෂාව සිදු කර ගැනීමේ අවස්ථාව හිමිව ඇත්තේ බරපතල රෝග ලක්ෂණ පෙන්නුම් කරන තැනැත්තන්හට පමණක් බව ද විදේශ සබඳතා අමාත්‍යාංශය කියා සිටී.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස