ශ්‍රී ලංකා ඉතිහාසයේ පහළ වූ විශිෂ්ටතම අධිකරණ ඇමැතිවරයා ජනාධිපති නීතීඥ අලී සබ්‍රි බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසයි.
ඇමැතිවරයා ප්‍රකාශ කරන්නේ, සෑම සතියකම කැබිනට් හමුවට වැඩි ම කැබිනට් පත්‍රිකා ප්‍රමාණයක් ඉදිරිපත් කරන්නේ ඇමැති සබ්‍රි බවයි.
සියවස් දෙකක් පමණ පැරණි දණ්ඩ නීති සංග්‍රහයේ යල්පැනගිය නීති සංශෝධනය මෙතෙක් සිදු නොවූ බවත් ඒ සියල්ල වර්තමාන අධිකරණ ඇමැතිවරයා සිදුකරමින් ඇති බවත් හෙතෙම ප්‍රකාශ කරයි.
අවුරුදු ගණන් ගොඩගැසී ඇති නඩු පිළිබඳ අවධානය යොමු කරමින් නව විනිසුරුවරුන් පත්කරමින් එම ගැටලු සඳහා ද වත්මන් ඇමැතිවරයා විසඳුම් ලබා දෙමින් සිය වගකීම කිසිවෙකු නොසිතූ තරම් විශිෂ්ට ආකාරයට ඉටු කරමින් ඇති බවත් ඒ සඳහා සිය ප්‍රණාමය පුදකරන බවත් ඇමැති ඩලස් අලහප්පෙරුම සඳහන් කරයි.
මාතර පැවැති උත්සව සභාවක් අමතමින් හෙතෙම මේ බව කීය.