ලංකා අබුඩාබි එමිබසියේ 5කට කොරෝනා! තානාපති කාර්යාලය වසා දැමේ!

May 21, 2020 at 2:09 pm | by emanisa.lk

එක්සත් අරාබි ඒමීර් රාජ්‍යයේ අබුඩාබිහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සේවකයින් 5 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි විදේශ සබදතා අමාත්‍යාංශය කියයි.

මේ හේතුවෙන් යළි  දැනුම් දෙන තුරු එම තානාපති කාර්යාලය  තාවකාලිකව වසා දැමූ බව එම අමාත්‍යාංශය වැඩි දුරටත් කියා සිටී.

එම තානාපති කාර්යාල වෙත දිනපතා ශ්‍රී ලාංකිකයින් විවිධ සේවා කටයුතු සඳහා පැමිණෙන හෙයින් ආරක්ෂිත  පියවරක් ලෙස තානාපති කාර්යාලය අද (21) සිට තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිාබ්.

එම සේවකයින්වන විට වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කර ඇති අතර ඔවුන් තත්ත්වය බරපතල නොවන බව එම අමාත්‍යාංශය කියා සිටී.

මේ සම්බන්ධයෙන් අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිල වෙබ් අඩවියේද නිවේදනයක් නිකුත් කර ඇත.

හදිසි තත්ත්වයක් හේතුවෙන් තානාපති කාර්යාලය නැවත දැනුම් දෙන තුරු  වසා දැමෙන අතර වසා දමා ඇති කාලය තුළ එරට වෙසෙන යම් කිසි ලාංකිකයකුට හෝ අවශ්‍ය කෙනෙකුට [email protected] යන විද්‍යුත් ලිපිනය හෝ ගාස්තු රහිත දුරකතන අංක 800119119 ඔස්සේ තානාපති කාර්යාලය සමඟ සම්බන්ධ විය හැකි බව එම නිවේදනයේ සඳහන් වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස

මුල් පුවරුව