පවතින තත්ත්වය මත තවදුරටත් රට ඉදිරියට ගියහොත් විශාල සාගතයක්, ආර්ථික කඩා වැටීමක් සිදුවන අතර ලෝකයද ශ්‍රී ලංකාව බංකොලොත් බවට හංවඩු ගහන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පවසයි.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ, 2015 ජනවාරි 08 මැතිවරණයෙන් පසු යහපාලන ආණ්ඩුව සිදුකළ දූෂණ විමර්ශනය සඳහා ස්ථාපිත කර තිබෙන විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත අද (23) කැඳවා තිබූ අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
මෙවැනි තැනකට රට පත්වීම සම්බන්ධයෙන් අනෙක් පසින් ජනතාව ද වගකිව යුතු බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය. අසාර්ථක, දූෂිත අය නැවත නැවත පාර්ලිමේන්තුවට එවන්නේ ජනතාව බවයි හෙතෙම කියා සිටියේ.
කෙසේ වෙතත් ලංකාවේ දේශපාලන සංස්කෘතිය වෙනස් විය යුතු වන අතර එය සිදුකිරීමට නම් සිංගප්පූරුවේ, මැලේෂියාවේ වැනි නායකයෙක් බිහිවිය යුතු බව ද සරත් ෆොන්සේකා අවධාරණය කළේය.