ලංකාව වීසා විකිණීමත් අරඹයි!

March 4, 2019 at 8:09 pm | by admin

1948 අංක 26 දරන ආගමන විගමන පනත සංශෝධනය කර මුදලට වීසා නිකුත් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව රටට ඇ.ඩො. ලක්ෂ 05ක් ප්‍රේෂණය කරන පුද්ගලයකුට වසර 10ක් දක්වා ද ඇ.ඩො. ලක්ෂ 03ක් ප්‍රේෂණය කරන පුද්ගලයකුට වසර 05ක් දක්වා ද මෙරට වාසය කිරීමට වීසා නිකුත් කරනු ඇත.

එසේම විදේශ රටවල පුරවැසිභාවය ලබාගත් අයට ද අදාළ ඇමතිවරයා නියම කරනු ලබන කාලයක් සඳහා ස්ථිර වාසය සඳහා වීසා ලබාගත හැකිය.

අභ්‍යන්තර කටයුතු සහ ස්වදේශ කටයුතු ඇමති වජිර අබේවර්ධන ඉදිරිපත් කළ යෝජනාව සඳහා දැනටමත් කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස