ලංකාව නිකුත් කළ වාර්තා දෙකම බොරු…? චීන පොහොරවල අහිතකර බැක්ටීරියා නෑ,..! තෙවන පාර්ශ්වයක් තහවුරු කරයි…!

November 11, 2021 at 10:03 am | by emanisa.lk

අහිතකර බැක්ටීරියා අඩංගු යැයි ප‍්‍රතික්ෂේප කරන ලද චීනයෙන් ගෙන්වූ කාබනික පොහොර තොගයේ එබදු අහිතකර බැක්ටීරියා කිසිවක් නැති බව, තුන්වන පාර්ශ්වයක් විසින් තහවුරු කර තිබේ.

Schutter Global Inspection and Survey Company නම් ආයතනය මෙම සහතිකය ලබා දී තිබේ. ඔවුන්ගේ වාර්තාව මගින් පොහොර තොගය තුළ සල්මනෙල්ලා, කෝලිෆෝම් හෝ වෙනත් අහිතකර බැක්ටීරියා කිසිවක් අඩංගු නැති බව තහවුරු කරයි.

ජාතික ශාක නිරෝධායන ආයතනය මගින් අදාල පොහොර තොගයේ අහිතකර බැක්ටීරියා අඩංගු බව ප‍්‍රකාශ කළ අවස්ථාවේ දී චීන සමාගම එම වාර්තා පිළිගැනීම ප‍්‍රතික්ෂේප කළේ ය. ඔවුන් පවසා සිටියේ, දෙපාර්ශ්වයට ම පිළිගත හැකි ස්වාධීන තෙවන පාර්ශ්වයක් මගින් පොහොර සාම්පල යළි පරීක්ෂා කළ යුතු බවයි.

පොහොර සාම්පල තෙවන පාර්ශ්වයකට ලබා දී පරීක්ෂා නොකරන බවත්, නැව ආපසු හරවා යවන බවත් කෘෂිකර්ම අමාත්‍යවරයා පවසා තිබුණි. කෙසේ වෙතත්, Schutter Global Inspection and Survey Company ආයතනයෙන් ලබා ගත් වාර්තාව, මේ වන විටත් ජාතික ශාක නිරෝධායන ආයතනය වෙත චීන පොහොර සමාගම විසින් ලබා දී තිබෙන බව වාර්තා වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස