ලංකාව තියෙන්නේ චීන මුහුදේ නෙමෙයි…! චීන තානාපතිට උතුරට පැමිණීම වැරදියි…! – දෙමළ සන්ධානය…

January 2, 2022 at 6:44 pm | by emanisa.lk

පසුගිය දිනවල චීන තානාපතිවරයා උතුරු නැගෙනහිර සිදුකළ සංචාරයට ‌එරෙහිව දෙමළ ජාතික සන්ධානය සිය විරෝධය පළ කරයි.

එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් පෙන්වා දෙන්නේ, ලංකාව යනු ඉන්දියන් සාගරයේ පිහිටි රටක් බවත්, චීන සාගර කලාපයේ පිහිටි රටක් නොවන බවත්ය.

මේ ආකාරයට උතුරු නැගෙනහිර සම්බන්ධයෙන් කටයුතු කිරීම පිළිගත නොහැකි බව ද සුමන්තිරන් අවධාරණය කරයි. ඉන්දියාව ද චීනයේ මෙම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අප්‍රසාදයෙන් පසුවන බව වාර්තා වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *