ලංකාව කොවිඩ් මරණ 8000 පසු කරයි…! පළමු වතාවට දෛනික මරණ 200 ඉක්මවයි….!

August 26, 2021 at 10:56 pm | by emanisa.lk

ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ 8000 සීමාව අද ඉක්මවා ගියේ ය.

ඒ අද (26) දින තවත් කොවිඩ් මරණ 209ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කිරීමත් සමඟය.

එය ලංකාවේ මෙතෙක් වාර්තා වූ දෛනික වැඩි ම කොවිඩ් මරණ ප්‍රමාණයයි.

ඒ අතර කාන්තාවන් 101ක් සහ පිරිමි 108ක් වෙති. අවු. 60ට වැඩි මරණ 163ක් සහ 30-59 වයස් කාණ්ඩයේ 46ක් ඒ අතර වෙති.

ඒ සමඟ ලංකාවේ සමස්ත කොවිඩ් මරණ 8157ක් බවට පත්ව තිබේ.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *