“මේ වන විට ශ්‍රී ලංකාවම රෝගී ආසාදිත බල ප්‍රදේශයක් ලෙස නම් කර තිබෙන්නේ. එවැනි අවස්ථාවකදී කර්මාන්ත ශාලා වෙනත් සේවා සපයන ස්ථාන රජයේ කාර්යාල පෞද්ගලික කාර්යාල යම් යම් කොන්දේසි යටතේ පවත්වාගෙන යෑමට හැකියාව තිබෙනවා.

ඕනෑම ප්‍රදේශයක ආයතනයක් පවත්වා ගෙන යනවා නම් එම ආයතනයේ සිටින සේවකයන් සංඛ්‍යාව ප්‍රදේශයේ සෞඛ්‍ය නිලධාරීන් විසින් නිර්දේශ කරනවා. එම උපදෙස් අනුව සේවක සංඛ්‍යාව පවත්වා ගෙන යා යුතුයි.

සේවකයින් වැඩියෙන් සිටිනවා නම් වැඩ මුර අනුව කටයුතු කළ යුතුයි. සැම විට ම, වරින් වර උෂ්ණත්වය පරීක්ෂා කළයුතුයි. දුරස්ථභාවය පවත්වා ගැනීම මුහුණු ආවරණ පැළඳීම. අත්සේදීමේ ස්ථාන ස්ථාපිත කළ යුතුයි.”