ලංකාව කොරෝනා මරණ කවර 1000ක් ඉල්ලයි! හේතුව මෙන්න….

April 26, 2020 at 11:37 pm | by emanisa.lk

මළ සිරුරු බබලන විශේෂ ආරක්ෂිත කවර 1000ක් ඉල්ලමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් රතුකුරුස සංවිධානය වෙත ලිපියක් යොමුකර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙක් වන වෛද්‍ය සුනිල් අල්විස් විසින් එම ලිපිය යොමු කර ඇත.

එම ඉල්ලීමට හේතුව රතුකුරුස සංවිධානය විසින් ලොව පුරා රටවලට කරන ලද දැනුම් දීමකට ප්‍රතිචාර දැක්වීම මිස මෙරට කොරෝනා අවදානම බරපතළ වීමක් නොවන බව ද හෙතෙම අවධාරණය කරයි.

මෙරට ආරක්ෂිත කවර අවශ්‍යතාව සම්බන්ධයෙන් ලිඛිතව දන්වන ලෙස රතු කුරුස සංවිධානය දැනුම් දී ඇති අතර එම ඉල්ලීමට ප්‍රතිචාර ලෙස මෙම ලිපිය යොමු කර තිබේ.

මළ සිරුරු බහාලන කවර කොරෝනා ආසාදනයෙන් මිය යන අයට පමණක් නොව වෙනත් මළ සිරුරු බහාලීම සඳහා ද භාවිත වන බව ඔහු වැඩි දුරටත් සඳහන් කෙළේය.

ලංකාවේ කොරෝනා ආසාදිතයන් 505ක් වාර්තා වූව ද මරණ වාර්තා වූයේ 7කි. ඒ පිරිස ද විදෙස් රටවල දී කොරෝනා ආසාදිත අයයි. දැනට කිසිවකු දැඩි සත්කාර ඒකකවල ද නොමැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස