ලංකාව කටින් බතල හිටවද්දි කොමියුනිස්ට් වියට්නාමය ට්‍රම්ප් බද්ද 20%ට අඩු කර ගනී…!

July 3, 2025 at 10:27 am | by emanisa.lk

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, වියට්නාමයෙන් එරටට ආනයනය කරන භාණ්ඩ සඳහා වන බදු 20% දක්වා අඩු කිරීමට කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එසේම චීනය ඇතුළු වෙනත් රටවලින් වියට්නාමය හරහා එක්සත් ජනපදයට ප්‍රති ආනයනය කරන භාණ්ඩ සඳහා 40%ක ඉහළ තීරුබදු අය කිරීමට නියමිතය.

මේ සමඟ, වියට්නාමය එක්සත් ජනපදයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා ශුන්‍ය තීරුබදු (ZERO Tariff) පැනවීමටත්, තම වෙළඳපොළට එක්සත් ජනපදයට සම්පූර්ණ ප්‍රවේශය (TOTAL ACCESS) ලබා දීමටත් එකඟ වී තිබෙන බව ද විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ජනාධිපති ට්‍රම්ප් වියට්නාමයේ කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම් ටෝ ලාම් (To Lam) සමඟ පැවති සාකච්ඡාවලින් පසුව මෙම ගිවිසුම නිවේදනය කර ඇත.

2025 අප්‍රේල් 09 සිට ට්‍රම්ප් පාලනය ලොව පුරා රටවල් රැසකට දින 90ක තාවකාලික තීරුබදු අත්හිටුවීමක් ලබා දී ඇති අතර කිසියම් හෝ සහනයක් ලබාගැනීමේ අපේක්ෂාව ඇතිව රටවල් කිහිපයක් ට්‍රම්ප් පාලනය සමඟ සාකච්ජා පවත්වමින් සිටියි.

කෙසේ වෙතත් ශ්‍රීලංකාවේ මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත පසුගියදා පවසා සිටියේ ලංකාව හැර වෙනත් කිසිදු ආසියානු රටක් තීරුබදු සහනය සම්බන්ධව ඇමරිකාව සමඟ සාකච්ඡා නොපවත්වන බවයි. මෙයට පෙර අසල්වැසි ඉන්දියාව ද ඇමරිකාව සමග සාකච්ඡා කොට සුවිශාල බදු සහනයක් ලබා ගත්තේය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *