ලංකාව එන්නත්කරණ ඉලක්කය සපුරයි…! 30ට වැඩි එන්නත් දෙකම දුන් පිරිස 70% ඉක්මවයි.!

September 2, 2021 at 8:17 am | by emanisa.lk

අවු. 30ට වැඩි ජනගහනයෙන් 71.1%ක් සඳහා මේ වන විට කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙක ම ලබා දී අවසන් බව වසංගත රෝග ඒකකය පවසයි.

ඒ අනුව අවු. 30ට වැඩි 12,468,949කට පළමු මාත්‍රාව ලබා දී ඇති අතර දෙවන මාත්‍රාව ද ලබා දුන් පිරිස 8,169,232 කි.

අවු. 30ට වැඩි 100%ක් සඳහා පළමු මාත්‍රාව ලබා දී අවසන් අතර අවු. 18-30ත් අතර 29%කට ද මේ වන විට පළමු මාත්‍රාව ලබා දී තිබේ.

මේ වන ලංකාවේ සිනොෆාම්, ඇස්ට්‍රාසෙනිකා, ස්පුට්නික් V, ෆයිසර් සහ මොඩනා එන්නත් ලබා දෙයි.

රටක නිර්දේශිත ජනගහනයෙන් 70%ක් පමණ පූර්ණ එන්නත්කරණයට ලක් කිරීම කොවිඩ් පාලනයට ප්‍රමාණවත් බව විශේෂඥ මතයයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *