ලංකාව අනාරක්ෂිතයි… දරුවන් එවන්න එපා…! – අනුර දිසානායක…

June 17, 2024 at 5:05 pm | by emanisa.lk

නුරාධපුරේ දරුවෙක් කොළඹට එන විට දරුවාගේ මව මොහොතින් මොහොත කතා කරමින් දරුවා ආරක්ෂිත දැයි විමසන බව ජාතික ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක පවසයි.

මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ, එහෙත් ලංකාවේ දරුවා ලන්ඩනයට ගිය විට අම්මා දවසක් දෙකක් සොයා බලා දරුවා එරට ආරක්ෂිත නිසා නිදහසේ සිටින බවයි.

එහෙයින් සුරක්ෂිත රටක් ගොඩනැඟීමකින් තොරව රටේ පෞද්ගලික විශ්වවිද්‍යාල බිහි කළ ද විදෙස් සිසුන් මෙරටට නොපැමිණෙන බවයි, අනුර දිසානායක ප්‍රකාශ කළේ.

ඔහු මේ බව සඳහන් කළේ, පසුගියදා ලන්ඩනයේ පැවැති ජාතික ජන බලවේග සමුළුවේ දී මෙරට පෞද්ගලික විශ්වවිද්‍යාල බිහි කොට විදෙස් සිසුන් ලංකාවට කැඳවා ගෙන විදේශ විනිමය උපයා ගැනීමට වැඩපිළිවෙළක් තිබේ දැයි තරුණයෙකු විමසූ විටයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *