ලංකාවේ 2/3ක බලයක් ලබා ගත් ප්‍රථම පක්ෂය ලෙස පොහොට්ටුව ඉතිහාසගත වෙයි!

July 29, 2020 at 11:23 am | by emanisa.lk

මැතිවරණ ජයග්‍රහණයෙන් පසු මැතිවරණ කොමිසම සතු බලතල අඩු කිරිමට තිරණයක් ගන්නා බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

ඔහු ඒ බැව් කියා සිටියේ (28) දින මැතිවරණ ප්‍රචාරක කටයුත්තකට සහභාගි විමෙන් අනතුරුව මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමිණි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු මහින්දානන්ද අලුත්ගමගේ කියා සිටියේ ලංකාවේ තනි පක්ෂයක් 2/3 බලයක් ලබා ගන්න ප්‍රථම අවස්තා මෙවර මහ මැතිවරණයයි.

ජේ.ආර්.ජයවර්ධන මේ මැතිවරණ ක්‍රමය හදලා තියෙන්නේ 2/3 බලයක් ලබා ගන්න බැරිවෙන්න. හැබැයි අපිට 2/3 බලය ලබා ගන්න වටපිටාව සකස් වෙමින් තියෙනවා.

ඒකට හේතුව වත්මන් ජනාධිපතිවරයා, එතුමාගේ තින්දු තිරණ, වැඩ පිළිවෙළි. ජනතාව අතර එතුමා කෙරෙහි විශ්වාසයක් ඇති වෙලා තියෙනවා. එ නිසා අනිවාර්යෙන්ම 2/3 බලයක් අපි ලබා ගන්නවා.

එක්සත් ජාතික පක්ෂය දෙකඩ වෙලා , මේ බෙදිම තුල එක්සත් ජාතික පාක්ෂිකයන් 20% ජන්දය ලබා දෙන්න යන්නේ නැ. වතුකරයේ ජනතාව සහ මුස්ලිම් ජනතාව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ සමග ඒකරාශි වෙමින් පවතිනවා. ආසන 150 වැඩි බහතුර බලයක් ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ ලබා ගන්නවා.

උතුරේ අන්තවාදි පක්ෂ කියනවා ගෝඨාභය රාජපක්ෂට තනි බලයක් ලබා දෙන්න එපා එහෙම වුණොත් රට අවධානම් තත්ත්වයකට පත් වෙනවා කියලා. පසුගිය ජනාධිපතිවරණයේදි මේ අය ගෝඨාභය රාජපක්ෂ පරාජයට පත් කරන්න උත්සාහ කළා. උතුර දකුණ කියලා නෑ, රටම තිරණය කරලා ඉවරයි ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන්න තීන්දු කරලා ඉවරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස