ලංකාවේ ස්ථාවර ආණ්ඩුවක් හැදීමේ හැකියාව ඇත්තේ රාජපක්ෂ පවුලට විතරයි..!

October 7, 2021 at 9:53 pm | by emanisa.lk

දැනට ලංකාවේ දේශපාලන ව්‍යුහය සකස් වී තිබෙන ආකාරය දෙස බැලූ විට ඉදිරි කාලය තුළ ලංකාවේ දේශපාලන සමතුළිතභාවය හා ස්ථාවරත්වය පවත්වාගෙන යාමට රාජපක්ෂ පවුලේ සමාජිකයින් ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරනු බව පෙනේ.

තවමත් ලංකාවේ ආණ්ඩු බලය ලබාගෙන එය සැලකිය යුතු කාලයක් පවත්වාගෙන යාමට හැකියාව පෙන්වන්නේ රාජපක්ෂ පවුල විසින් නායකත්වය සපයනු ලබන දේශපාලන කදවුර පමණි. ඒ කදවුර දෙස බැලූ විටද එහි ඉහළ නායකත්ව තනතුරු දැරීමට හැකියාව ඇත්තේ රාජපක්ෂ පවුලට බව පෙනේ.

කිසියම් හෙයකින් එහි ඉහළ තනතුරු රාජපක්ෂ පවුලෙන් පිටතට පැමිණිය හොත් ඒ සදහා විවිධ කුළල් කා ගැනීම් ඇතිවනු නොඅනුමානය. එවැනි ඉහළ තනතුරු සඳහා රාජපක්ෂ පවුලේ සාමාජිකයින් පත් වූ විට සෙසු අය ඒ පත්වීම් විවේචනය නොකර පහළ තනතුරුවලින් සෑහීමට පත්වී සිටිනු ඇත. ඒ අනුව බල පිරමීඩය ආරක්ෂා වනු ඇත.

වාසනාවට රාජපක්ෂ පවුල විශාල විස්තෘත පවුලක් බැවින් බල පිරමීඩයේ ඉහළ තනතුරු සඳහා ප්‍රමාණවත් පිරිසක් ඒ විස්තෘත පවුල තුළින් සොයා ගැනීම දුෂ්කර නොවේ.

ආණ්ඩු බලය ලබාගෙන දිගු කාලයක් පවත්වාගෙන යා හැකි දේශපාලන නායකත්වයක් හා දේශපාලන බල කඳවුරක් නිර්මාණය වනතුරු රාජපක්ෂ පවුලේ සාමාජිකයින් දේශපාලන බල පිරමීඩයේ ඉහළ තනතුරු හෙබවීම යහපත්ය.

මන්ද දැනට තියෙන තත්ත්වය තුළ ඓන්ද්‍රීය දේශපාලන අර්බුදයක් නිර්මාණය වීම එතරම් යහපත් දෙයක් නොවන බැවිණි.

ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි…

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *