ලංකාවේ සමාජීය වශයෙන් කොරෝනා පැතිරීමක් නෑ! උණ හෙම්බිරිස්සාව නම් මිස මුහුණු ආවරණ ඕන නෑ! – අනිල ජාසිංහ

March 24, 2020 at 10:10 pm | by emanisa.lk

මෙරට තුළ මේ වන තෙක් මුහුණු ආවරණ පැළඳීමේ අවශ්‍යතාවක් මතු වී නැති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කරයි.

කොරෝනා වෛරසය මෙතෙක් සමාජයීය වශයෙන් මෙරට තුළ පැතිරී නොමැති බවද ඔහු පැවසීය. මුහුණේ අවශ්‍යතාවක් ඇත්නම් එය රජය ප්‍රකාශ කරන බවත් ඔහු සඳහන් කළේය.

නමුත් කිසිවෙකු මේ අවස්ථාවේ මුඛ පළඳනාවක් භාවිත කරන්නේ නම් ඊට කිසිවක් නොපවසන බවද ඔහු තව දුරටත් පැවසීය.

ජාසිංහ මහතා මෙසේද සදහන් කරයි.

දැනට ලංකාවේ උද්ගත වී ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින් බොහෝ වෙළෙඳසල්, බැංකු සහ සමහර රාජ්‍ය ආයතන මුඛ ආවරණයක් නොමැතිව මහජනතාව තම පරිශ්‍ර තුළට ඇතුල්වීම වැළැක්වීමට කටයුතු කර තිබෙන බවට අපට දැන ගන්නට ලැබී තියෙනවා.

මෙම ආයතන මෙම තීරණවලට එළඹීම සත්භාවයෙන් යුතුව ගන්නා ලද තීරණ වුවද ශ්‍රී ලංකාවේ මෙම රෝගී තත්ත්වය ප්‍රජාව තුළ සක්‍රියව පැතිරීමක් සිදු නොවන නිසා මෙලෙස මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කිරීම නිර්දේශ කළ නොහැක.

අපි යළිත් වරක් ඔබට මතක් කළහොත් මෙම මුඛ ආවරණ මගින් පැළඳ සිටින පුද්ගලයාට ආරක්ෂාවක් ලැබීමට වඩා පැළඳ සිටින පුද්ගලයා ගෙන් පරිබාහිර අයට රෝගය පැතිරීම වැළැක්වීම සඳහා මෙම මුඛ ආවරණ වැදගත් වනවා. එම නිසා තමා උණ සෙම්ප්‍රතිශ්‍යාවෙන් පෙළෙන අයකු හෝ රෝගය වැළඳීමට දැඩි අවදානම් සහිත තත්ත්වයකට ලක් වූ අයකු නම් පමණක් මෙවැනි මුඛ වරණයක් පැළඳීම යෝග්‍ය වනවා.

නමුත් කෙනෙකු මුඛ ආවරණයක් පැළඳීමට තීරණය කළහොත් එම තීරණය තමා සතු වන අතර එය නියමාකාරයෙන් සිදු කරන ක්‍රමවේද වලට අනුව සිදු කිරීම ඉතාමත් වැදගත් වනවා.

මුඛ ආවරණයක් වෙනුවට ලේන්සුවක්, රෙදි කඩක් හෝ තමාගේ දෑත් භාවිතයෙන් මුඛය සහ නාසය ආවරණය කරගැනීම මගින් කිසිදු ආරක්ෂාවක් නොලැබෙනු ඇත. සත්‍ය වශයෙන්ම එමඟින් රෝග සම්ප්‍රේෂණය වඩාත් ඉක්මන් වන අතර තමාට corona රෝගය වැළඳීම සඳහා වැඩි අවදානමකට ලක්වනවා.

මුඛ ආවරණයක් පැලදීමට ප්‍රථම සබන් යොදා හෝ විෂබීජ නාශක දියරයක් භාවිතයෙන් තමාගේ දෑත් පිරිසිදු කරගත යුතුයි.

ඉන්පසු මුඛ ආවරණය යකඩ පටිය සහිත කොටස ඉහලට සිටින ආකාරයට සහ තද පැහැති පාට පිටතට සිටින ආකාරයට තමාගේ මුහුණ ඉදිරියෙන් ස්ථානගත කොට මුඛ ආවරණයේ දෙපසින් පමණක් අල්ලා තමාගේ නාසය සහ මුඛය වැසෙන ආකාරයෙන් එය පැළඳිය යුතුය. ඉන්පසු තමාගේ නාසය මතින් ඇති යකඩ පටිය සහිත කොටස නාසය මතට හිර වන ආකාරයට තද කර ගත යුතුය. ඉන්පසු මුඛ ආවරණය පහත මායිමෙන් අල්ලා පහළට ඇද තමාගේ නිකට යටින් පිහිටන පරිදි ස්ථානගත කර යුතුය.

මුඛ ආවරණ පැළඳ සිටින මුළු කාල පරාසය පුරාම මුඛ ආවරණයේ පිටත කොටස ඇල්ලීමෙන් වැළකී සිටිය යුතුය. මෙය වරින් වර වෙනස්කිරීම හෝ පහළට ඇද නාසය විවෘත කිරීම, කතාකරන විට මුඛ ආවරණය බෙල්ල මතට යොමු කිරීම හෝ නළල මතට යොමු කිරීම කිසි විටෙකත් නොකළ යුතු වනවා. මීට අමතරව මුඛ ආවරණය ඉවත් කර තමාගේ සාක්කුව තුල දමා සිට නැවත පැළඳීමත් ගලවා මේසයක් මත හෝ වෙනත් පෘෂ්ඨයක් මත තබා යළිත් වරක් පැළඳීමත් කිසිවිටෙකත් නොකළ යුතු වනවා.

මුඛ ආවරණ ඉවත් කිරීමේදී ද මුඛ ආවරණය තුළ රැඳී ඇති විෂබීජ ශරීරගත වීමෙන් වැළකීමට ක්‍රමානුකූල ක්‍රියාමාර්ගයක් අනුගමනය කළ යුතු වනවා.

මුඛ ආවරණයේ මැද කොටසින් අල්ලන්නේ නැතිව කොන් දෙකෙන් පමණක් අල්ලා මොක ආවරණය ඉවත් කරගන්න
ඉන්පසු නියමාකාරව පියන සහිත කසල බඳුනකට මෙය ඉවත් කරන්න.

ඉන්පසු මතක ඇතුව තමාගේ දෑත් යළිත් වරක් සබන් සහ ජලය යොදා පිරිසිදු කරගැනීම හෝ විසබීජ නාශක දියරයක් මගින් පිරිසිදු කරගත යුතුය.

– Health Promotion Bureau

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස