ලංකාවේ විශාලතම කොවිඩ් රෝහල සීදුවේ…! එකවර ආසාදිතයින් 1200කට ප්‍රතිකාර…!

May 7, 2021 at 1:06 pm | by emanisa.lk

කොවිඩ් රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමේ විශාලතම රෝහල සීදුව ප්‍රදේශයේ ඉදිකරමින් තිබේ.

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් Brandix ආයතනය මගින් ලබා දුන් ගොඩනැගිල්ලක මෙම රෝහල ඉදිකරමින් තිබේ.

මෙම රෝහලේ ඉදිකිරීම් කටයුතු අද (7) දිනය තුළ අවසන් කිරීමට නියමිත බව යුද හමුදා ආරංචි මාර්ග පවසයි.

හදිසි වෛද්‍ය පහසුකම්, හුදකලා වාට්ටු කිහිපයකින් මෙය සමන්විත වන අතර එක්වර රෝගීන් 1,200 ක් පමණ ඇතුළත් කර ගැනීමේ පහසුකම් මෙහි පවතියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *