ලංකාවේ වැඩි ම දෛනික කොවිඩ් මරණ ගණන වාර්තා වෙයි…!

June 22, 2021 at 11:41 pm | by emanisa.lk

කොවිඩ් ආසාදිත තවත් මරණ 71ක් ඊයේ (21) වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අද (22) තහවුරු කළේය.

මෙය එක් දිනක දී ලංකාවේ සිදු වූ වැඩි ම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව වේ. පිරිමි අය 33 දෙනෙක් සහ කාන්තාවන් 38 දෙනෙක් මියගිය අය අතර වෙති.

මියගිය අයගෙන් 57 දෙනෙකු වයස අවුරුදු 60ට වැඩි අය වන අතර අවුරුදු 30-59 ත් අතර වයසේ පසුවන 13 දෙනකු සහ අවුරුදු 30ට අඩු එක් අයෙක් ද ඊයේ මියගොස් ඇත.

ඒ සමඟ මෙරටින් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 2,704ක් දක්වා ඉහළ ගොස් ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *