ලංකාවේ වැඩියෙන්ම සැප විඳින්නේ චීවරධාරියෝ! මොවුන් 90%ක් පොඩි කාලේ ලිංගික අපචාරවලට ගොදුරු වෙලා! දේශපාලකයෝ උපදෙස් ගන්නේ ඔවුන්ගෙන්! – ඇමති රංජන් (video)

July 14, 2019 at 3:05 pm | by emanisa.lk

කෑ ගහන භික්ෂූන් වහන්සේලා 90%ක්ම කුඩා කාලයේ ලිංගික අතවරයන්ට ලක්වී මනස විකෘති වී සමාජය සමග වෛරයෙන් පසුවන පිරිසක් බව රාජ්‍ය ඇමැති රංජන් රාමනායක පවසයි.

මව්වරුන්ගෙන් තුරුලේ නැළවිය යුතු වයසේ පසුවන කුඩා දරුවන් පන්සල්වලට ගිහින් දැමූ පසු රාත්‍රියේදී මැහුම් දැමීමට සිදුවන ආකාරයේ ලිංගික අතවර කරන බවත් මහ රාත්‍රියේ දී ඔවුන් හඬා වැටෙන බවත් රාජ්‍ය ඇමතිවරයා පැවසීය.

එවන් අතවරයන්ට ලක් වූ භික්ෂූන් වහන්සේලා වැඩි වියට පැමිණි පසු අපේ දේශපාලනඥයෝ රට කරවිය යුතු ආකාරය පිළිබඳ ඔවුන්ගෙන් උපදෙස් ලබාගන්නා බවත් මෙවැනි දෙයක් සිදුවන ලොව එකම රට ලංකාව බවත් ඔහු සඳහන් කළේය.

ඇමති රංජන් රාමනායක බෞද්ධයකු නොවන අතර ඔහුගේ මෙම ප්‍රකාශය බොහෝ භික්ෂූන් වහන්සේලාගේ දැඩි දෝෂ දර්ශනයට ලක්විය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස