ලංකාවේ වාහන එකලස් කිරීමට අවසර…! Made in Sri Lanka වාහන ළඟ දි ම…!

September 7, 2021 at 1:52 pm | by emanisa.lk

ලංකාවේ වාහන එකලස් කිරීමට අවසර…! Made in Sri Lanka වාහන ළඟ දි ම…!මෙරට වාහන එකලස් කිරීමට අවශ්‍ය අවසරය ලබා දුන් බව අද (07) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී අනාවරණය විය.

සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ එහි දී සඳහන් කළේ කර්මාන්ත අමාත්‍යවරයා විසින් ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබූ බවය.

“මෙරටට වාහන ආනයනය තාවකාලිකව නතර කළේ පවතින විදේශ විනිමය අර්බුදය නිසා. අපේ විදේශ විනිමය අර්බුදය ක්‍රමානුකූලව විසඳෙයි කියලා බලාපොරොත්තුවෙනවා.

එතෙක් කර්මාන්ත ඇමතිතුමා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා, මෙරට වාහන එකලස් කිරීමට අවශ්‍ය අනුමැතිය ඉල්ලා. ඒ සඳහා අවසරය ලබාදීලා තියෙනවා. ඒ කටයුතු පෞද්ගලික අංශය මගින් තමයි සිදු කරන්නේ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *