ලංකාවේ රාජ්‍ය සේවකයෝ හොරු! ඒ හොරුන්ට දඬුවම් දෙන එක තමයි යහපාලනේ! – ෆොන්සේකා

November 21, 2020 at 1:46 pm | by emanisa.lk

මෙ රට රාජ්‍ය සේවකයින්ගෙන් 25%ක් දූෂණයට වංචාවට පගාවට කැමැති පිරිසක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පවසයි.

යහපාල ආණ්ඩු සමයේ සිරගත වන්නට වූයේ එවැනි හෙංචයියන් කිහිප දෙනෙකුට බව ද ඔහු සඳහන් කළේ ය.

තමා ද වසර 40ක් රාජ්‍ය සේවයේ සිටි බවත් වැරදි කළහොත් දඬුවම් ලැබෙන බවත් යහපාලනය යනු එය බවත් ෆොන්සේකා සඳහන් කළේ ය.

රාජ්‍ය සේවකයන් හුරතල් කරමින් ඔවුන් සමග එකතු වී හොරකම් කිරීම තමා රාජ්‍ය සේවය ආරක්ෂා කිරීමක් ලෙස නො දකින බවත් සඳහන් කළේ ය.

ඊයේ (19) පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එකතු වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස