ලංකාවේ මුල් දෙසතිය ඉතාලියට වඩා දරුණුයි! උදේට ඇඳිරි නීතිය ඉවත් කිරීම වැරදියි! ලංකාව අවුරුද්දට මළගමක් නොකර නීතිය දැඩිව ක්‍රියාත්මක කරන්න! – රජයේ වෛද්‍ය නිලධාරී සංගමය (video)

March 20, 2020 at 12:27 am | by emanisa.lk

පුත්තලම දිස්ත්‍රික්කය ඇතුළු තවත් පොලිස් බල ප‍්‍රදේශ කිහිපයකට ඊයේ රාත්‍රී පනවන ලද ඇඳිරි නීතිය අද පෙරවරුවේ ඉවත් කිරීම කිසිසේත් අනුමත කළ හැකි ක්‍රියාවක් නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

කොරෝනා වෛරසය ව්‍යාප්ත වෙමින් ඇති මොහොතක මෙහි වගකීම භාර ගන්නේ කවුදැයි සංගමයේ ලේකම් හරිත අලුත්ගේ ප්‍රශ්න කරයි.

මෙය වසංගත රෝග මර්දනයේ විද්‍යානුකුල ක‍්‍රමවේදය නොවන බවත් ඒ සඳහා උපදෙස් දුන් සෞඛ්‍ය බලධාරීන් කවුරුන්දැයි හෙතෙම ප්‍රශ්න කළේය.

යම් හෙයකින් එසේ ඇදිරි නීතිය ඉවත් කරන්නේ නම් එම ප්‍රදේශය LockDown කළ යුතු බවද සඳහන් කළේය.

ශ‍්‍රී ලංකාවේ කොරෝනා ව්‍යාප්තියේ මුල් සතිය ඉතාලියේ මුල් සතියටද වඩා දරුණු බවද ඔහු පෙන්වා දුන්නේය.

මේ වන විට ජනතාව අතර කොරෝනා වෛරසය ව්‍යාප්තිය ආරම්භ වී ඇති බවත් ඉදිරි සති දෙක තුනක කාලය තීරණාත්මක බවත් එවිට කුමක් වේදැයි කිව නොහැකි බවත් ඔහු අනතුරු ඇඟෙව්වේය.

මෙම රෝගය වැළඳෙන්නන්ගෙන් 4%ක් මිය යන බවත් අද අප ගන්නා තීරණය මත අලුත් අවුරුද්ද මළගමක් වන්නේද නොවන්නේද යන්න තීරණයක වනු ඇති බවත් ඔහු තව දුරටත් කියා සිටියේය.

අද (19) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ අදහස් පළ කළේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස