ලංකාවේ බෙහෙත් හදන කොට ඖෂධ මාෆියාව වියරු වැටිල…! ජයරුවන් බණ්ඩාර මාෆියාකාරයෝ එක්ක ළඟින ඌරෙක්….! – චන්න…

August 31, 2021 at 1:14 pm | by emanisa.lk

ලංකාවට ඖෂධ ආනයනයෙන් කෝටි ගණන් ඉපයූ කණ්ඩායම් ලංකාවේ එම ඖෂධ නිෂ්පාදනය කරන විට බළලුන් ලවා කොදස් ඇට බාවන බව ඖෂධ නිෂ්පාදන සහ නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ලංකාවේ ඖෂධ නිෂ්පාදය නිසා වියරු වැටී ඇත්තේ බෙහෙත් හිඟයක් නිර්මාණය කර එමගින් රු. 100 බෙහෙත රු. 5000ට විකුණමින් ලාභ ලැබූ පිරිස බව ද ඔහු අවධාරණය කරයි.

ඌරා කෙසේ ගියත් අවසානයේ මඩේ ලැග්ග ද එම මට්ටමට තමන්ට වැටිය නොහැකි බවත් ඖෂධ මාෆියාව සම්පූර්ණයෙන් පරාජය කළ නොහැකි වුව ද ඊට යට වී ජනතාවට හානි කිරීමට ඉඩ නොතබන බවත් එහි වැඩි දුරටත් සඳහන් වෙයි.

පසුගියදා යූටියුබ් නාලිකාවක් සමඟ වෛද්‍ය ‍පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් පිළිබඳ හිටපු මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රතිචාර දක්වමින් මෙම නිවේදනය නිකුත් කර ඇත.

මෙම ලිපියට රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමනට අමතරව රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති ප්‍රසන්න ගුණසේන, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය රසික විජේවන්ත අත්සන් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස