ලංකාවේ බැංකු පද්ධතිය කඩා වැටෙන්න ආසන්නයි…! මාස දෙකකින් ශ්‍රී ලංකාව සාගතයකට ගොදුරු වීම ස්ථිරයි…! – පාඨලී චම්පික….

July 23, 2021 at 11:04 am | by emanisa.lk

ශ්‍රී ලංකාවේ වත්මන් මුල්‍ය අර්බුදය කෙටිකාලීනව ඇති වූ එකක් නොව එය දීර්ඝ කාලයක් තිස්සේ වර්ධනය වූ තත්ත්වයක ප්‍රතිඵලයක් බවත් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක සඳහන් කරයි.

මේ මොහොතේ ඇතිව තිබෙන්නේ විදේශ විනිමය නොමැති වීමේ අර්බුදයක් බව ද මෙම තත්ත්වය ඊළඟට දේශීය මුදල් හිඟයක් බවටත් දේශීය වෙළඳපොළ තුළ කඩාවැටීමක් බවටත් පත්වීමට නියමිත බව ද ඔහුගේ අදහසයි.

ජාත්‍යන්තරය මූල්‍ය ශ්‍රේණිගත කරන ආයතන අනුව ශ්‍රී ලංකාව දැන් සිටින්නේ අධි අවදානම් කලාපයෙනුත් පහළ බවත් ඊළඟ එකම කලාපය බංකොලොත් තත්ත්වය බවත් ඔහු පෙන්වා දුන්නේය.

ආසන්න නිශ්චිත දිනයක ශ්‍රී ලංකාවේ මුළු බැංකු පද්ධතියම බිඳ වැටිය හැකි බව ද මාස දෙකකින් ශ‍්‍රී ලංකාවේ ස්ථිරනම සාගතයක් ඇති වන බවත් පාඨලී චම්පික කියා සිටී.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *