ලංකාවේ ප්‍රශ්න විසඳන්න පුළුවන් මෝදිට විතරයි….! භාරතීය ජනතා පක්ෂය ලංකාවේ අරඹනවා…! – ශිවසේනා….

February 23, 2021 at 10:48 am | by emanisa.lk

ශ්‍රී ලංකාවේ හින්දු ජාතිකයන්ගේ ගැටලු විසඳිය හැක්කේ නරේන්ද්‍ර මෝදි, අමිත්ෂා වැනි නායකයන්ට පමණක් බැවින් භාරතීය ජනතා පක්ෂය ලංකාවේ ආරම්භ කිරීමට උතුරේ ශිවසේනා සංවිධානය තීරණය කළ බව එහි ප්‍රධානි මරවන්පුලව් සචිත්තානන්දන් අනාවරණය කර ඇත.

ශ්‍රී ලංකා භාරතීය ජනතා පක්ෂය නමින් මෙය නම් කිරීමට සිව්සේනා සංවිධානය යෝජනා කරන බවත්, ඉදිරියේදී ඉන්දීය අගමැතිවරයා මුණගැසෙන බවත් හෙතම දිනමලර් වෙබ් අඩවියට ප්‍රකාශ කර තිබිණි.

හින්දු බැතිමතුන්ගේ ඡන්ද පදනම ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂයක් ලෙස ශිවසේනා සංවිධානය තමිල්නාඩුවේ බළල් අතක් ලෙස ක්‍රියාත්මක වන බව බුද්ධි අංශ වාර්තා කර තිබිණි.

තමිල්නාඩුවේ භාරතීය ජනතා පක්ෂ සංස්කෘතික අංශයේ ප්‍රධානි ගයාත්‍රි රඟුරාම් විසින් උතුරේ ශිවසේනා සංවිධානය මෙහෙයවන බවද බුද්ධි අංශ අනාවරණය කර ඇත.

2016 ඔක්තෝබරයේ සිට මෙරට ක්‍රියාත්මක ශිවසේනා සංවිධානය දෙමළ හින්දු අපේක්ෂකයන්ට පමණක් ඡන්දය ප්‍රකාශ කරන ලෙස පසුගිය මහ මැතිවරණයේදී උතුරේ පෝස්ටර් අලවා තිබිණි.

භාරතීය ජනතා පක්ෂය (BJP) මෙරට දේශපාලන අරඹන බව පසුගිය සතියේ දී ඉන්දීය ස්වදේශ කටයුතු ඇමැතිවරයා හෙළිකර සිටියේය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *