ලංකාවේ පළමු වෛද්‍ය උපකරණ නිෂ්පාදන කම්හල විවෘත වෙයි..!

November 17, 2021 at 10:07 pm | by emanisa.lk

ශ්‍රී ලංකාවේ වෛද්‍ය උපකරණ නිපදවීම සඳහා ස්ථාපිත කරන ලද පළමු කර්මාන්ත ශාලාව වන පැලැක්සි කෙයාර් ලංකා (Flexi care Lanka) පුද්ගලික සමාගම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් ඊයේ (17) විවෘත කළේය.

පැලැක්සි කෙයාර් ලංකා (Flexicare Lanka) සමාගම එක්සත් රාජධානියේ පැලැක්සි කෙයාර් (Flexicare Group) සමූහ ව්‍යාපාරයේ පූර්ණ අනුබද්ධ ආයතනයක් වන අතර, එය ඇමරිකානු ඩොලර් මිලියන 15කට අධික ආයෝජනයක් සමඟ නවීනතම වෛද්‍ය උපකරණ මධ්‍යස්ථානයක් මෙලෙස ආරම්භ කර තිබේ.

බණ්ඩාරගම, රයිගම ප්‍රදේශයේ සුන්දර භූමියක ඉදිකරන ලද මෙම කර්මාන්ත ශාලාව විවෘත කිරීමේ අවස්ථාවට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන්, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල, රෝහිත අබේගුණවර්ධන, හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජයන්ත කැටගොඩ, ලලිත් එල්ලාවල සහ සංජීව එදිරිමාන්න ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *