ලංකාවේ පල්ලිවලට පහර දීම ISIS ත්‍රස්තවාදීන්ට කළ හැකි ලොකුම උදව්වයි! – ලීසා ෆුලර්

May 15, 2019 at 11:19 pm | by admin

ලංකාවේ ප්‍රදේශ කිහිපයක ඉස්ලාම් පල්ලිවලට එල්ල වූ ප්‍රහාර ISIS ත්‍රස්තවාදීන් දැනටමත් සිය ප්‍රචාරණ සහ ප්‍රවර්ධන කටයුතු පිණිස යොදා ගනිමින් සිටින බව අල්ජසීරා ආයතනයේ මාධ්‍යවේදිනියක වන ලීසා ෆුලර් (Lisa Fuller) පෙන්වා දෙයි.

මේ ආකාරයට මුස්ලිම් විරෝධී කටයුතු ඍජුව සහ තිරසාර ලෙස ISIS ත්‍රස්තවාදීන් ආශීර්වාදයක් වන බව පවසන ෆුලර් පෙන්වා දෙන්නේ කිසිවකු මුස්ලිම් විරෝධී කටයුතුවල නිරත වන්නේ නම් හෝ ඒ සඳහා අනුබල දෙන්නේ නම් එය ISIS ත්‍රස්තවාදීන්ට උදව් උපකාර කිරීමක් බවය.

මේ අතර ඉස්ලාම් පල්ලිවලට පහරදෙන වීඩියෝ දර්ශන ඇත්නම් තම ආයතනය වෙත whatsapp මාර්ගයෙන් ලබා දෙන අල්ජසීරා ආයතනයේ තවත් මාධ්‍යවේදියකු වන Farhan Hanan ෆේස්බුක් සටහනක් තබමින් ඉල්ලා තිබිණි.

අද පාහියන්ගල ආනන්ද සාගර හිමි මාධ්‍ය හමුවක් තබමින් ප්‍රකාශ කළේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ඉතාම සමීප සබඳතා පැවති බවට චෝදනා එල්ල වන රිෂාඩ් බද්යුදීන් කඩිමුඩියේ ප්‍රහාර එල්ල වූ ඉස්ලාම් පල්ලි වෙත ගොස් සිය කණ්ඩායමක් මාර්ගයෙන් ඒවා වීඩියෝගත කිරීම සහ ඡායාරූපගත කිරීම කළ බවත් ජාත්‍යන්තර මාධ්‍ය වෙත ලබා දීමට මේ වන විටත් ශ්‍රී ලංකාවේ සිංහලයන් විසින් සුළු ජාතීන්ට හිංසා කරන බව කියාපාන වීඩියෝවක් තැනීම සිදුවන බවත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස