ගස්ලබු කොළ යුෂවලින් ඩෙංගු උණ රෝගය සඳහා ප්‍රතිකාර කිරීමේ හැකියාව පිළිබඳ නවසීලන්ත සමාගමක් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
ඩෙංගු ඇතුළු උණ රෝග සඳහා ගස් ලබු යුෂ සාම්ප්‍රදායික ප්‍රතිකාර ක්‍රමයක් ලෙස භාවිත කරන බව තමන්ට දැනගන්නට ලැබුණු බැවින් මෙම පරීක්ෂණය ආරම්භ කළ බවත් එහි මූලික පරීක්ෂණ කටයුතු සාර්ථක වූ බවත් Fuller Young International සමාගමේ අධ්යක්ෂ Raymond Young පවසයි.
මෙම කටයුතු සඳහා නවසීලන්ත රජයේ ද සහාය ලැබී ඇති අතර ගස් ලබු පත්‍ර යුෂවල අඩංගු කවර සංඝටකය ඩෙංගු මර්දනයෙහි ලා දායක වන්නේ දැයි හඳුනා ගැනීම සහ එය තවත් වැඩි දියුණු කිරීම ඔවුන්ගේ පරීක්ෂණවල අරමුණ වී තිබේ.
ඒ සඳහා ආසියානු විශ්වවිද්‍යාලයක පමණක් නොව එක්සත් රාජධානියේ විශ්වවිද්‍යාලයක සහාය ද ඔවුන්ට ලැබී තිබේ. මේ වන විටත් පළමු ගස්ලබු යුෂ තොගය පරීක්ෂණ සඳහා එම විශ්වවිද්‍යාල වෙත යොමු කර අවසන් බව Raymond Young සඳහන් කරයි.
ජපානයෙන් ගෙන ආ ගස්ලබුවලින් තමන්ගේ ම වූ නව ගස්ලබු ප්‍රභේදයක් නිර්මාණය කර ගැනීමට ද නවසීලන්ත පර්යේෂකයින් කටයුතු කර ඇති අතර නව ප්‍රභේදය වඩා ප්‍රතිඵලදායක බව ද ඔවුහු සඳහන් කරති.
මෙම ප්‍රතිකාරය පසුගිය සමයේ ලංකාවේ භාවිත කිරීමට මෙරට වෛද්‍යවරුන් දැඩි විරෝධයක් පෑ අතර එය බටහිර වෛද්‍ය විද්‍යාවේ සඳහන් ප්‍රතිකාරයක් නොවන නිසා භාවිතයට ඉඩ ලබා දුන්නේ නැත.
ඉදිරියේ දී මෙම ඖෂධය විශාල මුදලක් ගෙවා නවසීලන්තයෙන් ආනයනය කිරීමට ලංකාවට සිදුවනු ඇත.