කරාපිටිය ශික්ෂණ රෝහල මෙරට තෙවැනි ජාතික රෝහල බවට පත්කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
අද (23) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේය.
මේ වන විට කොළඹ සහ මහනුවර ජාතික රෝහල් කාණ්ඩය යටතේ ක්‍රියාත්මක වෙයි.
මේ වන විට කරාපිටිය රෝහල සෞඛ්‍ය කේෂ්ත්‍රයේ වෛද්‍යවරු, හෙද හෙදියන් ආදිය පුහුණුකිරීමේ කටයුතුවලට වැඩි දායකත්වයක් දක්වන බව ද පැවසු අමාත්‍යවරයා, රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ සිසුන් වසරකට 1000කට වඩා ප්‍රමාණයක් සඳහා මෙහි සායනිකක පුහුණුවීම් ලබාදෙන බව ද සඳහන් කළේය.