ලංකාවේ තියෙන්නේ මන්දපෝෂණයක් නෙමෙයි අධිපෝෂණයක්…! – වෛද්‍ය සේනක ගමගේ….

October 23, 2022 at 1:48 pm | by emanisa.lk

ලංකාවේ ඇත්තේ මන්දපෝෂණ තත්ත්වයකට වඩා වැරදි ආහාර පුරුදු පදනම් කරගත් අධිපෝෂණ ගැටලුවක් යැයි රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රජා සෞඛ්‍ය ලේකම් වෛද්‍ය සේනක ගමගේ පවසයි.

දියවැඩියා, කොලෙස්ට්‍රෝල්, හෘද රෝග සහ පිළිකා රෝග රටේ බහුල වන්නේ ඒ නිසා බවයි, ඔහු පෙන්වා දෙන්නේ.

ලංකාවේ 75%කට ඇත්තේ මෙවැනි රෝග නිසා ලංකාවේ ඇත්තේ අධිපෝෂණ තත්ත්වයක් යැයි කිව හැකි බව ද වෛද්‍ය සේනක ගමගේ සඳහන් කළේය.

රටේ මන්දපෝෂණය පිළිබඳ අවසන් විධිමත් සමීක්ෂණය කළේ 2016 වසරේ බවත් යුනිසෙෆ් සංවිධානය කියන තරම් මන්දපෝෂණ තත්ත්වයක් මෙරට නොමැති බව බිම් මට්ටමේ ප්‍රජාව සමග කටයුතු කරන වෛද්‍යවරයෙකු ලෙස කිව හැකි බවත් හෙතෙම ප්‍රකාශ කරයි.

අපේ රට සම්පත් නිසි ලෙස භාවිත කරන්නේ නම් කිසි දිනක මෙරට සුඩානයක්, සෝමාලියාවක් බවට පත්නොවනු ඇතැයි ද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *