ලංකාවේ තත්ත්වය ඉතා අවදානම්….! මිලියනයකට කොවිඩ් මරණ ප්‍රතිශතයෙන් අපි ඉන්නේ ඉන්දියාවටත් උඩින්….! – GMOA…..

June 15, 2021 at 8:03 am | by emanisa.lk

ජනගහනයෙන් මිලියනයකට සිදුවන කොවිඩ් මරණ අනුපාතිකය සැලකීමේ දී ශ්‍රී ලංකාව මේ වන විට සිටින්නේ ඉන්දියාවටත් ඉදිරියෙන් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ වසයි.

“දැනට රටේ තියෙන තත්ත්වය ගත්තා ම ලංකාව කොතනද තියෙන්නෙ කියන එක, මේ වන තුරු අපට වාර්තා වන ආකාරයට අපි වාර්තාවක් ඇසුරෙන් ගත්තොත් මිලියනයකට මරණ සංඛ්‍යාව ගත්තා ම ශ්‍රී ලංකාව පසුවෙන්නෙ 2.39 කියන අගයේ. අද දිනය වන විට මහා බ්‍රිතාන්‍යයේ 0.13ක් සහ ඉන්දියාවෙ 2.38ක් විදියට තමයි සඳහන් වෙන්නෙ.

එතකොට ලංකාව 2.39ක්. ඉන්දියාව 2.38ක්. මේ වන විටත් මේ කොවිඩ් මරණ අනුපාතිකය ගත්තාම අපි ඉන්නෙ ඉන්දියාවටත් වඩා ඉදිරියෙන්. ප්‍රමාණාත්මකව අඩු වුණත් මේ වාර්තා වීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්වයක් තියෙනවා.”

වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මේ බව පැවසුවේ ඊයේ (14) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *