ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ රුසියාව සමඟ ඉදිරි මාස දෙකක කාලය තුළ ඩොලර් බිලියන 8-9 අතර ත්‍රෛ-පාර්ශ්වික වෙළඳාමක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව ඉන්දීය වෙළඳ ලේකම් බී.වී.ආර් සුබ්‍රමනියම් ප්‍රකාශ කරයි.
ජාත්‍යන්තර වෙළඳාම සඳහා ආනයන සහ අපනයනකරුවන්ට ඉන්දීය රුපියල් භාවිතයට පසුගිය මස ඉන්දීය මහ බැංකුව ඉඩ ලබා දුන්නේය. ඩොලර් මත යැපීමකින් තොරව රුසියාව සහ ශ්‍රී ලංකාව සමඟ ත්‍රෛ-පාර්ශ්වික වෙළඳාම පහසු කිරීම සඳහා ගත් තීරණයක් බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
ඉන්දීය රුපියල් මුදල් ඒකකයෙන් වෙළඳ කටයුතු සිදු කිරීමේ දී විශාල වාසියක් අත්වන බව බී.වී.ආර් සුබ්‍රමනියම් පෙන්වා දුන්නේය. කෙසේ වුව ද ශ්‍රී ලංකාව සහ රුසියාව සමඟ සිදුකරන වෙළඳ කටයුතුවල වටිනාකම වෙන් වෙන්ව ප්‍රකාශ කර නොමැත.
ඉන්දියාව රුසියාව සමඟ පෙබරවාරි මස සිට ජුලි මස දක්වා කාලය තුල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 15ක ත්‍රෛ-පාර්ශ්වික වෙළඳාමක් සිදු කර ඇති බවත් එහි දී ප්‍රධාන වශයෙන් ආනයනය කර ඇත්තේ බොරතෙල් බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.