ලංකාවේ ජනගහනයෙන් 75%කට එන්නත් ලබා දී අවසන්…! මේ ඉලක්කයට ගියේ ලෝකයේ ම රටවල් 3-4කට විතරයි..! – කෙහෙළිය…

November 19, 2021 at 7:45 pm | by emanisa.lk

කොවිඩ් වසංගතය මර්දනය සඳහා ගත යුතු සෑම පියවරක්ම රජය විසින් මේ වන විටත් ගෙන අවසන් බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

මින් ඉදිරියට ඇත්තේ ජනතාව සිය වගකීම් නිසි පරිදි ඉටු කිරීම බවයි, මහනුවර අද පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ.

රටේ සමස්ත ජනතාවගෙන් 75%ක් සඳහා මේ වන විට එන්නත් දෙකම ලබා දී අවසන් බවත් එය මේ දක්වා කර ඇත්තේ ලෝකයේ රටවල් 3ක් හෝ 4ක් පමණක් බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

එමෙන්ම බූස්ටර් එන්නත ලබා දීමට ආරම්භ කර ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *