ලංකාවේ කොරෝනා ලෙඩ්ඩු 3 දෙනෙක් මැරුණා! – සරත් ෆොන්සේකාගෙන් තවත් සුදු කොඩි කතාවක්.. (video)

March 18, 2020 at 12:09 am | by emanisa.lk

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත පුද්ගලයන් තුන් දෙනෙකු මියගොස් ඇති බවට තමාට තොරතුරු ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.

එසේ මියගිය පුද්ගලයන් තුන්දෙනාගෙන් දෙදෙනෙක් ඉතාලියේ සිට පැමිණි අය බවටද තොරතුරු ඇතැයි ඔහු සඳහන් කරයි.

තමනට එම තොරතුරු ලැබුනේ පුවත්පතක හෝ කිසියම් මාධ්‍යයක තිබී බවද ඔහු පැවසීය.

මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

කෙසේ නමුත් මෙම තොරතුරු අසත්‍ය බවත් ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන බවත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසීය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස