ලංකාවේ කොරෝනා රෝගීන් ගණන 254 දක්වා ඉහළට!

April 19, 2020 at 9:56 am | by emanisa.lk

මේ වනවිට තවත් කොරෝනා ආසාදිත රෝගීන් 6 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

ඒ අනුව අද (18) දින ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ මුළු රෝගීන් සංඛ්‍යව 254 ක් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

වැලිසර නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්කර සිටින පිරිස අතරින් මෙම රෝගීන් 6 දෙනා වාර්තා වී ඇති බවත් හෙතෙම පැවසීය.

මේ වන විට ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදනය වී රෝගීන් 7 දෙනෙකු මියගොස් ඇති අතර 86 දෙනෙකු සුවය ලබා පිටව ගිය ගොස් ඇත.

 
 


Leave a Reply

Your email address will not be published.

මුල් බිස්ස