ලංකාවේ කොරෝනා මැඩලීම සාර්ථකයි! පැතිරීම වේගයෙන් පහළට!

March 22, 2020 at 8:39 am | by emanisa.lk

ලංකාවේ කොරෝනා පාලන වැඩසටහන් ඉතාලියට සාපේක්ෂව පළමු දෙසතිය තුළ ප්‍රගතියක් අත්කර ගෙන ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිකුත් කළ දත්ත අනුව තහවුරු වෙයි.

මාර්තු 13 වෙනිදා ඉතාලියට වඩා රෝගය පැතිරීමක් වාර්තා කළ ලංකාවේ තත්ත්වය මාර්තු 17 වෙනිදා වන විට පාලනය කර ගැනීමට සමත් වුවද ඉතාලියේ තත්ත්වය ලංකාව ඉක්මවා වේගයෙන් නරක අතට ගොස් තිබේ.

මෙම කාලය පුරා රෝගීන් ප්‍රමාණය 100ට අඩුවෙන් පවත්වා ගැනීමට ලංකාවට හැකි වුවද ඉතාලියේ රෝගීන් ගණන දිනපතා සිය ගණනින් ඉහළ ගියේය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (21) නිකුත් කළ තොරතුරුවලින් මේ බව තහවුරු වෙයි.

මේ වන විට ඉතාලිය ඇතුළු ලොව පුරා කොරෝනා ආසාදනයෙන් 12 000ක් පමණ මිය ගිය ද ලංකාවේ කිසිදු රෝගියෙකුට මිය නොදී ප්‍රතිකාර කිරීමට සමත්ව තිබේ.

ජනතාව රජය සහ සෞඛ්‍ය අංශ ලබා දෙන උපදෙස් අනුව කටයුතු කරන්නේ නම් මෙම වංසගත තත්ත්වය පාලනය කරගත හැකි බව වෛද්‍යවරුන්ගේ අදහසය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස