ලංකාවේ කොරෝනා මර්දන වැඩසටහන විශිෂ්ටයි! අපේ පුරවැසියන්ගේ ආරක්ෂාවත් සහතික කළා! – යුරෝපා සංගමය

April 9, 2020 at 10:12 am | by emanisa.lk

මෙරට සෞඛ්‍ය බලධාරීන් සහ රජයේ ප්‍රධානීන් කොරෝනා වසංගතය පාලනය කරන ආකාරය පිළිබඳව යුරෝපීය සංගමයේ නියෝජිතයන්ගේ ප්‍රසාදය හිමිව තිබේ.

අත්‍යවශ්‍ය සේවාවන් සඳහා වූ ජනාධිපති විශේෂ කාර්ය සාධක බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ හා යුරෝපීය සංගමයට අයත් රටවල මෙරට සිටින තානාපතිවරුන් සමඟ ඊයේ (08) පැවැති සාකච්ඡාවේ දී මෙම කරුණු අනාවරණය විය. යුරෝපීය සංගමයට අයත් රටවලින් මෙරටට පැමිණ සිටි සංචාරකයන් මෙම කාලය තුළ ආරක්ෂිතව නැවත එම රටවලට යැවීම සඳහා රජයේ සහ අනෙකුත් ආයතනවලින් ලැබුණු සහයෝගය ද මෙහිදී අගය කරන ලදි.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහ ආර්ථීක ක්ෂේත්‍රයේ ඉදිරි කාලය තුළ මෙරට සමඟ කටයුතු කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

මෙම රැස්වීම සඳහා යුරෝපීය සංගමය නියෝජනය කරමින් ජර්මානු තානාපති JOERN ROHDE, නෙදර්ලන්ත තානාපති TANJA GONGGRIJP, ප්‍රංශ තානාපතිERIC LAVERTU, ඉතාලි තානාපති RITA MANNELLA, රොමෙනියා තානාපති VICTOR CHIUJDEA, ස්විස්ටර්ලන්ත තානාපති HANSPETER MOCK, නෝර්වේ තානාපති TRINE JORANIL ESKEDAL, යුරෝපීය සංගමයේ ශ්‍රී ලාංකික තානාපති තානාපති DENIS CHAIBI ද එක්ව සිටියහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස