ලංකාවේ කොරෝනා ප්‍රස්තාර උඩුයටිකුරු වෙයි! රෝගීන් 55ක් පූර්ණ සුවය ලබති!

May 10, 2020 at 1:53 pm | by emanisa.lk

ලංකාවේ කොරෝනා ප්‍රස්තාර උඩුයටිකුරු වෙයි! පූර්ණ සුවය ලැබූ 55ක් ජාතික කොඩිය සුරතෙහි දරා නිවෙස්වලට!

කොරෝනා ආසාදනය වී කාත්තන්කුඩිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 55 දෙනෙකු අද පූර්ණ සුවය ලබා රෝහලින් පිටව ගිය බව එම රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය එම්.එස්.එම්. ජාදීර් පවසයි.

මෙය රෝගීන් වැඩිම පිරිසක් සුවය ලැබූ දිනය ලෙස වාර්තා වන අතර තවත් හත් දෙනෙකු රෝහලේ ප්‍රතිකාර ලබති.

මෙලෙස සුවය ලබා පිටව ගිය පිරිස අතර ගාල්ල බේරුවල සහ කොළඹ බණ්ඩාරනායකපුර පදිංචි ළමුන්, කාන්තාවන් ඇතුළු පිරිසක් සිටින බව වැඩි දුරටත් වාර්තා වෙයි. මේ අනුව සුවපත් වූ මුළු පිරිස 310 දක්වා ඉහළ ගොස් තිබේ.

මෙම රෝහලට පැමිණි පසු තමන්ට හොඳින් ප්‍රථිකාර ලබාදුන් අතර ආහාර පාන තමන් බලාපොරොත්තු වුවාටත් වඩා ලැබුනු බවත් තමන් බලාගත් සියලු වෛද්‍යවරුන්ට සහ කාර්ය මණ්ඩලයට ස්තුතිවන්තවන බව නිවෙස්වලට යන පිරිස සඳහන් කළහ.

සුවය ලබා නිවෙස්වලට යන අය සඳහා කාත්තන්කුඩි නගර සභාව විසින් ජාතික කොඩියක් සහ තිළිණ ප්‍රදානයක් සිදු කරනු ලැබීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස

මුල් පුවරුව