ලංකාවේ කාබනික කෘෂිකර්ම වැඩපිළිවෙළට ඉන්දියාවේ සහාය….!

July 2, 2021 at 10:41 pm | by emanisa.lk

ශ්‍රී ලංකාව ගෙනයන කාබනික කෘෂිකර්මය වෙත යොමුවීමේ වැඩපිලිවෙළට ඉන්දීය සහය ලබාදීමට සූදානම් බව මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ ප්‍රකාශ කරයි.

ඒ, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු දෙරටේ නියෝජිතයින් අතර ඔන්ලයින් ක්‍රමයට ඊයේ (01) පැවති සාකච්ඡාවකදීයී.

කාබනික කෘෂිකර්මාන්තයට අදාළ පුහුණුව ලබා දීම, තාක්ෂණික ඥාණය බෙදා ගැනීම සහ පර්යේෂණ සඳහා දායකත්වය ලබා දීමේදී දෙරට අතර සහයෝගීතාව වැදගත් බව ඉන්දීය මහ කොමසාරිස්වරයා එහිදී අවධාරණය කළේය.

ඒ අනුව ඉන්දියාවේ සහයෝගය සහිතව විශිෂ්ටත්වයේ කාබනික මධ්‍යස්ථානයක් මෙරට තුළ පිහිටුවීමට අදාළ යෝජනාවක්ද ඉන්දීය මහ කොමසාරිස්වරයා ඉදිරිපත් කළේය.

එහිදී ඔහු දෙරටේ ජෛව පොහොර සමාගම් වෙත වැඩිදුරටත් කියා සිටියේ ශ්‍රී ලංකාව තුල ජෛව පොහොර නිපදවීමේ ඒකාබද්ධ ව්‍යාපෘතීන් ගොඩනැගීම සඳහා පවතින අවස්ථාවන් පිළිබඳව සොයා බලන ලෙසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස