ලංකාවේ කාඩ්බෝඩ් මිනී පෙට්ටිය ජාත්‍යන්තර වෙළෙඳපොළට…! පළමු තොගය වියට්නාමයට…!

September 23, 2021 at 6:38 pm | by emanisa.lk

දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව පසුගිය මැයි මාසයේ දී හඳුන්වාදෙනු ලැබූ පරිසර හිතකාමී කාඩ්බෝඩ් මිනීපෙට්ටි වියට්නාමයට අපනයනය කිරීම අද (23) සිදුකෙරිණි. මිනීපෙට්ටි 1,200ක් මෙලෙස පළමු තොගය ලෙස අපනයනය කෙරේ.

මෙරට වියට්නාම තානාපති කාර්යාලයේ නිලධාරීන් හා වියට්නාමයේ ශ්‍රී ලංකා සංඝනායක හිමියන් දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ සභාපතිවරයා සමග සිදුකළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම ඇනවුම සිදු කෙරිණි.

එය හඳුන්වාදුන් නාගරික මන්ත්‍රී ප්‍රියන්ත සහබන්දු සඳහන් කළේ මේ වන විට මෙම කාඩ්බෝඩ්වලින් නිමවා ඇති පෙට්ටි ලංකාව පුරා භාවිතයට ගන්නා බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *