ලංකාවේ ඇස්ට්‍රාසෙනික හිඟයට තවත් විසඳුමක්…! ඉන්දියාව එන්නත් අපනයනය යළි අරඹයි…!

June 25, 2021 at 10:29 am | by emanisa.lk

ශ්‍රී ලංකාව ඇතුළු කලාපයේ රටවල් කිහිපයකට ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් මර්දන එන්නත් නැවත අපනයනය කිරීමට ඉන්දියාව තීරණය කර ඇත.

ඒ අනුව ලබන ජුලි මාසය අවසානය හෝ අගෝස්තු මාසය වන විට එම අපනයන කටයුතු ඇරඹීමට ඉන්දියාව සැලසුම් කර ඇති බව බව ඉන්දියාව් පළවන හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත ඊයේ (24) වාර්තා කළේය.

ඉන්දියාව විසින් ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් මර්දන එන්නත රටවල් කිහිපයකට ලබාදුන් අතර එම එන්නත නිෂ්පාදනය කළ සීරම් ආයතනය ගිනි ගැනීමට ලක්වීම හා ඉන්දියාවේ කොවිඩ් වසංගත තත්ත්වය උග්‍ර වීම නිසා එන්නත් අපනයන කටයුතු නතර කර දැමීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *