ලංකාවේ අවු. 30ට වැඩි 40%කට එන්නත් පළමු මාත්‍රාව ලබා දී අවසන්…! මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15ක් අද ලංකාවට…..!

July 16, 2021 at 11:55 am | by emanisa.lk

මෙරට වයස අවුරුදු 30ට වැඩි ජනගහනයෙන් 39.3% ට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නතේ පළමු මාත්‍රාව ලබා දී අවසන් බව සෞඛ්‍ය අංශ තහවුරු කරයි. දෙවන මාත්‍රාව ද 13.39%ට ලබාදීමට හැකි වී තිබේ.

පළමු මාත්‍රාව 4 514 366 දෙනෙකුට ද දෙවන මාත්‍රාව 1 539 422 දෙනෙකුට ලබා දී අවසන් කර තිබේ.

මේ අතර ඇමෙරිකාවේ නිෂ්පාදිත මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15ක තොගයක් අද (16) උදෑසන මෙරටට රැගෙන එනු ලැබීය.

මෙම එන්නත් තොගය ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට පිරිනමනු ලැබූ වූවකි.

එන්නත් තොගය ගුවන් යානයෙන් ගොඩ බෑමෙන් පසු කටුනායක ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ ගම්මානයේ ශීතකරණ තුළ තැන්පත් කිරීමට පියවර ගැනිණි.

ඉන්පසුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථවලින් මධ්‍යම ඖෂධ ගබඩා සංකීර්ණයට ඒවා ප්‍රවාහනය කර ආරක්ෂිත ගබඩාවල තැන්පත් කෙරිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *