ලංකාවෙි කොරෝනා මර්දනය අසාර්ථකයි! – කිරිඇල්ල

April 28, 2020 at 7:08 pm | by emanisa.lk

කොරෝනා මර්දනය කිරිමට පළාත් වශයෙන් පර්යේෂණ මධ්‍යස්ථාන කඩිනමින් ආරම්භ කිරීමට කටයුතු කරන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ති‍්‍ර ලක්ෂ්මන් කිරිඇල්ල රජයෙන් ඉල්ලීමක් කරමින් පැවසීය.

ඒ අනුව පළාතකට එක් පර්යේෂණ මධ්‍යස්ථානයක් බැගින් තමා නියෝජනය කරන දිස්ති‍්‍රක්කයේ මහනුවර මහ රෝහල වැනි ප‍්‍රධාන රෝහල්වල හෝ මෙවැනි පර්යේෂණ මධ්‍යස්ථාන ආරම්භ කිරීම වඩා සුදුසු යැයි කිරිඇල්ල වැඩිදුරටත් පැවසීය.

වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා රජය ලොක්ඩවුන් කි‍්‍රයාවලිය සිදුකළ නමුත් මේ වන විට එය සාර්ථක මට්ටමක නොමැති බව පැහැදිලිව දක්නට ඇති හෙයින් ලෝක සෙෘඛ්‍ය සංවිධානය පෙන්වා දී ඇති පරිදි හැකි තරම් පරීක්ෂණ සිදුකළ යුතු අතර මෙම තත්ත්වය පාලනය කළ හැක්කේ උපරිම අයුරින් පරීක්ෂන සිදුකිරීමෙන් යැයිද හෙතෙම ප‍්‍රකාශ කළේය.

වෛරසය මර්දනයට අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගැනීම සඳහා අප රටට විශාල වශයෙන් විදේශ ආධාරද හිමිවූ බැවින් කඩිනමින් පර්යේෂණ මධ්‍යස්ථාන ආරම්භ කිරිමට කටයුතු කරන ලෙසට කිරිඇල්ල  වැඩිදුරටත් පැවසීය.

– මාධ්‍ය ඒකකය

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස