ලංකාවෙන් ප්‍රථම කොරෝනා රෝගියා හමුවෙයි!

January 27, 2020 at 9:17 pm | by emanisa.lk

ශ්‍රී ලංකාවෙන් අද (27) ප්‍රථම කොරෝනා රෝගියා හමු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

චීනයේ හුබෙයි පළාතේ සිට පැමිණි 43 හැවිරිදි චීන කතකට කොරෝනා වෛරසය වැළඳී ඇති බව හඳුනා ගෙන තිබේ.

අදාළ කාන්තාවට කොරෝනා රෝගය වැළඳී ඇති බව පළමු පරීක්ෂණයෙන්ම තහවුරු වී ඇති අතර දෙවන පරීක්ෂණයක් ද කර එය තහවුරු කර ගෙන තිබේ. මේ වන විට අදාළ කාන්තාව IDH රෝහලේ ප්‍රතිකාර ලබයි.

අදාළ වෛරසය හඳුනාගත හැකි දියුණු පරීක්ෂණාගාරයක් ලංකාව සතු හෙයින් ජනතාව අනවශ්‍ය ලෙස කලබලයට පත්විය යුතු නැත. මෙවැනි පහසුකම් ඇති අනෙක් එකම දකුණු ආසියානු රට ඉන්දියාවය.

මේ වන විට අදාළ රෝගය හමුවේ ශ්‍රී ලංකාව ගතයුතු පියවර පිළිබඳ කටයුතු සඳහා ජනාධිපති නියමයෙන් සෞඛ්‍ය ඇමතිනිය ප්‍රමුඛ විසි දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් ද පත්කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *